විවාහ රෙජිස්ට්‍රාර්වරුන්ගේ විස්තර
|
කොට්ඨාසය |
නම | තනතුර | ලිපිනය | දුරකථන අංකය |
| හැව්ලොක් ටවුම | එම්. පී. සුරේකා මිය | විවාහ රෙජිස්ට්‍රාර් |
අංක 55/21, ස්වර්ණ පාර , හැව්ලොක් ටවුම , කොළඹ 05 |
0775761295 |
| හැව්ලොක් ටවුම | ඩී. එස්. සුරියබණ්ඩාර මිය | විවාහ රෙජිස්ට්‍රාර් |
ජීවක මෙඩිකල් සෙන්ටර් , 508 , ගාලු පාර , කොළඹ 06 |
0772662148 |
| බොරැල්ල | මංජුභාණි කාලිංග මිය | විවාහ රෙජිස්ට්‍රාර් |
තරුණ බෞද්ධ සමිතිය, බොරැල්ල |
0712639160 |
| නැගෙනහිර කොළඹ | චන්ද්‍රා ඊ. කුරේ මිය | විවාහ රෙජිස්ට්‍රාර් | අංක 60, පිටර්සන් පටුමඟ , වැල්ලවත්ත | 0714794774 |
| වැල්ලවත්ත | චන්ද්‍රානි චන්ද්‍රසේන මිය | විවාහ රෙජිස්ට්‍රාර් | අංක 18/2 , ප්‍රනාන්දු පාර , වැල්ලවත්ත |
0713122889 |
| නාරහේන්පිට | ලලිතා කරුණාරත්න මිය | විවාහ රෙජිස්ට්‍රාර් |
165/46, ශ්‍රි සද්ධර්මාරාම මාවත , නාවල පාර , නාරාහේන්පිට |
0718667696 |
| නාරහේන්පිට | එම්. ජී. අනෝමා ප්‍රියදර්ශණි මිය | විවාහ රෙජිස්ට්‍රාර් |
38/7,ඊ.ඩී. දාබරේ පාර , නාරහේන්පිට |
0718278383 |
| නාරාහේන්පිට | ඩබ්. පී. ශ්‍රියානි අශෝක මාලා වේරගල මිය | විවාහ රෙජිස්ට්‍රාර් | 2291/7 ඒ , කිරුළ පාර , කොළඹ 05 |
0714694138 |
| කොල්ලුපිටිය | කාංචනා ජිවන්ති මිය | විවාහ රෙජිස්ට්‍රාර් | ඒ 11, පෙරහැර මාවත , කොළඹ 03 | 0752886839 |
| වැල්ලවත්ත | බී. තවමාලර් මිය | විවාහ රෙජිස්ට්‍රාර්(දෙමළ) | නො 10, 37 වීදිය වැල්ලවත්ත | 0772106630 |
| බටහිර කොළඹ | වනජා සෝමස්කන්දා මිය | විවාහ රෙජිස්ට්‍රාර්(දෙමළ) | 16, එළිබෑන්ක් පාර , කොළඹ 05 |
0777484092 |
| කොල්ලුපිටිය | ඒ. එච්. මොහොමඩ් අජ්වාඩි මයා | විවාහ රෙජිස්ට්‍රාර්(මුස්ලිම්) |
63/4 , විවියන් ගුණවර්ධන මාවත , කිත්තම්පහුව , වැල්ලම්පිටිය |
0718297179 |
| බොරැල්ල | ඒ.එම්.එම්.එම් ෆායිස් මයා | විවාහ රෙජිස්ට්‍රාර්(මුස්ලිම්)) | 66/18 , කොරශානි පටුමඟ , කොළඹ 09 |
0714889650 |
| දෙමටගොඩ | ඒ. එච්. එම්. සුබායිර් මයා | විවාහ රෙජිස්ට්‍රාර්(මුස්ලිම්) |
293 ඒ, කඩවත පාර , නැදිමාල , දෙහිවල |
0714589617 |
| මුළු දිවයිනටම (බෝරා ප්‍රජාව) | ඒ. කේ. අඩමලි මයා | බෝරා විවාහ රෙජිස්ට්‍රාර් | 8 , ජාවත්ත ඇවනිව් , කොළඹ 13 | 0777767652 |
උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරුන්ගේ විස්තර
|
කොට්ඨාසය |
නම | තනතුර | ලිපිනය | දුරකථන අංකය |
| මහරෝහල | ජී විජේමාන්න මයා | රෙජිස්ට්‍රාර් උපත සහ මරණය |
නො 07 වොර්ඩ් පෙදෙස,කොළඹ 07 |
0771133650 |
| බොරැල්ල | ජී විජේමාන්න මයා (වැබ) | රෙජිස්ට්‍රාර් උපත සහ මරණය |
නො 07 වොර්ඩ් පෙදෙස,කොළඹ 07 |
0771133650 |
| කාසල් | ඒ.වී.පී ජයසූරිය මිය | රෙජිස්ට්‍රාර් උපත සහ මරණය |
කාසල් වීදියේ කාන්තා රෝහල |
0718608030 |
| කිරුළපන | ඒ.වී.පී ජයසූරිය මිය | රෙජිස්ට්‍රාර් උපත සහ මරණය |
විජය කුමාරතුංග මාවත, කිරුලපන |
0718608030 |
| කොල්ලුපිටිය | ප්‍රශාදි චතුරංගිකා මිය | රෙජිස්ට්‍රාර් උපත සහ මරණය | මුහන්දිරම් මාවත, කොල්ලුපිටිය |
0112685262 |
| වැල්ලවත්ත | ප්‍රශාදි චතුරංගිකා මිය | රෙජිස්ට්‍රාර් උපත සහ මරණය | මුහන්දිරම් මාවත, කොල්ලුපිටිය |
0112685262 |
| දෙමටගොඩ | ඒ සී එම් සනික් මයා | රෙජිස්ට්‍රාර් උපත සහ මරණය | නො 369, දෙමටගොඩ පෙදෙස කොළඹ 09 |
0112685262 |
| තිඹිරිගස්යාය | මුෆීල් මයා | රෙජිස්ට්‍රාර් උපත සහ මරණය (දෙමල මාධ්‍ය කොළඹ 3-7) |
08, අතුල පෙදෙස, කොළඹ 05 |
0777070238 |
D24 වගන්තිය යටතේ කල්ගිය උපත් ලියාපදිංචි කිරීම
- උපතක් සිදුවී මාස තුනක් ඇතුලතදී ලියාපදිංචි කර නොමැති විටෙක එවැනි උපතක් ලියාපදිංචි කරවා ගැනීමට පුලුවන.
- ප්‍රකාශ පත්‍රය උපත සිදුවූ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ට ඉදිරිපත් කරන්න.
- ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ හැකි අය,
- මව්පියන්ගෙන් කෙනෙකු
- භාරකරුවෙකු
- ප්‍රකාශ පත්‍රය සඳහා ගාස්තුව රු. 50.00 කි.
- උපත සිදුවී අවුරුද්දක් ඇතුලත ඉදිරිපත් කරන ප්‍රකාශ පත්‍ර සමඟ පහත සඳහන් ලියවිලි පමණක් ඉදිරිපත් කරන්න.
- මව්පියන් විවාහක නම්, ඔවුන්ගේ විවාහ සහතිකයේ සහතික කළ පිටපතක්
- මව්පියන්ගේ උප්පැන්න සහතිකවල සහතික කළ පිටපත්
- විෂයගේ උපන් දිනය හා ස්ථානය සනාථ වන පහත සඳහන් ලියවිලි වලින් එකක්,
- රෝහල් උපත් වාර්තාව හෝ සහතික පිටපත
- ග්‍රාම නිළධාරී උපත් වාර්තාව හෝ සහතික පිටපත
- උපත සිදුවී අවුරුද්දක කාලය ගත වීමෙන් පසුව ඉදිරිපත් කරන ප්‍රකාශ පත්‍රය සමඟ පහත සඳහන් ලියවිලි පමණක් ඉදිරිපත් කරන්න.
- මව්පියන් විවාහක නම්, ඔවුන්ගේ විවාහ සහතිකය,
- උපත ලියාපදිංචි වී නොමැති බවට සහතිකය (හිස් ප්‍රතිඵලය)
- පුද්ගලයාගේ උපන් දිනය හා ස්ථානය ඇතුළත් පහත සඳහන් ලියවිලිවලින් එකක්,
- රෝහල් වාර්තාව හෝ සහතික පිටපත,
- ග්‍රාම නිලධාරී වාර්තාව හෝ සහතික පිටපත
- ඉහත සඳහන් ලියවිල්ලක් නැතිනම්, ඒ වෙනුවට පහත සඳහන් ලියවිලිවලින් එකක්,
- සෞඛ්‍ය වර්ධන සටහන,
- බෞතීස්ම සහතිකය,
- පාසැලට ඇතුලත් කිරීමේ ලේඛණයේ සහතික පිටපත/ ශිෂ්‍ය කාර්ය දර්ශනය
- උපන් දිනට ආසන්නයේදී සකස් කරන ලද හඳහන
D24 වගන්තිය යටතේ අනුමාන වයස් සහතික නිකුත් කිරීම
- උපත් ලියාපදිංචි නොවූ බවට හිස් ප්‍රතිඵල ලේඛනය.
- රෝහල් වාර්තාව (උපත අදාළ ස්ථානයේ සිදු වූ බවට සාක්ෂි සඳහා).
- ශිෂ්‍ය කාර්ය දර්ශනය.
- ව්‍යාජ උප්පැන්නයක් තමා සන්තකයේ ඇත් නම් එය ලියාපදංචි නොවූ බවට දිවුරුම් ප්‍රකාශයක්.
- පදිංචිය සනාථ කළ ග්‍රාම නිලධාරී සහතිකය.
- මවගේ/පියාගේ උප්පැන්න සහතිකවල හා විවාහ සහතිකයේ සහතික පිටපත්.
- විෂය විවාහ වී ඇත් නම් විවාහ සහතිකයේ සහතික කළ පිටපතක්.
- දරුවන්ගේ උප්පැන්න සහතිකවල කාර්යාල පිටපත්.
- ජාතික හැදුනුම්පතෙහි ඡායා පිටපතක්
- අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාව (ආකෘති පත්‍රය කාර්යාලයෙන් සපයා දෙනු ලැබේ)
අවුරුදු 07 අඩු විෂයගේ නම වෙනස් කිරීම
- සංශෝධනය කළ යුතු විෂයගේ උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපත
- දෙමාපියන්ගේ උප්පැන්න හා විවාහ සහතිකයේ සහතික කළ පිටපත් හා ඡායා පිටපත්
- ප්‍රකාශ පත්‍රය මව අත්සන් කරන්නේ නම් පියාගේ ද ප්‍රකාශ පත්‍රය පියා අත්සන් කරන්නේ නම් මවගේ ද කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලිපියක්
- නම් දෙකෙන්ම හදුන්වන්නේ එක් අයෙකු බවට මව හෝ පියා අත්සන් කරන ලද දිවුරුම් ප්‍රකාශය
අවුරුදු 07 -21 අතර විෂයගේ නම වෙනස් කිරීම
- සංශෝධනය කළ යුතු විෂයගේ උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපත
- දෙමාපියන්ගේ උප්පැන්න හා විවාහ සහතිකයේ සහතික කළ පිටපත් හා ඡායා පිටපත්
- ප්‍රකාශ පත්‍රය මව අත්සන් කරන්නේ නම් පියාගේ ද ප්‍රකාශ පත්‍රය පියා අත්සන් කරන්නේ නම් මවගේ ද කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලිපියක්
- නම් දෙකෙන්ම හදුන්වන්නේ එක් අයෙකු බවට මව හෝ පියා අත්සන් කරන ලද දිවුරුම් ප්‍රකාශය
- නම භාවිතා කළ බවට වසරකට වඩා පැරණි ලිඛිත සාක්ෂි (දෙකක් ප්‍රමාණවත් වේ)
- නම වෙනස් කිරීමේ ශීර්ෂය යටතේ ලබා ගත් ග්‍රාම නිලධාරී වාර්තාව
- නම හෝ වාසගම සම්පූර්ණයෙන්ම වෙනස් වන්නේ නම් පුවත්පත් දැන්වීම හා පොලිස් වාර්තාව අනිවාර්ය වේ.
අවුරුදු 21 වැඩි විෂයගේ නම වෙනස් කිරීම
- සංශෝධනය කළ යුතු විෂයගේ උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපත
- නම භාවිතා කළ බවට වසරකට වඩා පැරණි ලිඛිත සාක්ෂි (තුනක් ප්‍රමාණවත් වේ)
- නම වෙනස් කිරීමේ ශීර්ෂය යටතේ ලබා ගත් ග්‍රාම නිලධාරී වාර්තාව
- නම හෝ වාසගම සම්පූර්ණයෙන්ම වෙනස් වන්නේ නම් පුවත්පත් දැන්වීම හා පොලිස් වාර්තාව අනිවාර්ය වේ.
- නම් දෙකෙන්ම හදුන්වන්නේ එක් අයෙකු බවට ලබා ගත් දිවුරුම් ප්‍රකාශය
D51(1) D27(A) වගන්ති යටතේ උප්පැන්න සහතිකයේ නම හැර අනෙකුත් තොරතුරු සංශෝධනය කිරීම
- සංශෝධනයකළ යුතු උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපත
- දෙමාපියන්ගේ උප්පැන්න හා විවාහ සහතිකයේ සහතික කළ පිටපත්
- උප්පැන්න සහතිකයේ හා විවාහ සහතිකයේ මෙන්ම ජාතික හැඳුනුම්පතෙහි නම්වල වෙනසක් ඇත්නම් එක් අයෙකු බවට සඳහන්වන දිවුරුම් ප්‍රකාශය
- දෙමාපියන්ගේ ජාතික හැඳුනුම්පත්වල ඡායා පිටපත්
- දැනුම් දෙන්නාගේ ලිපිනය වැරදි නම් සංශෝධනය කළ යුතු විෂය උපන් වර්ෂයට අදාල ඡන්ද හිමි නාම ලේඛනයේ මැතිවරණ කාර්යාලයෙන් ලබාගත් පිටපතක් හා ග්‍රාම නිලධාරී විසින් ලබා දෙන පදිංචි සහතිකය
- නම වෙනස් කිරීම
උප්පැන්න විවාහ හා මරණ සහතිකවල සහතික කළ පිටපත් ලබා ගැනීම
- කොළඹ දිස්ත්‍රික්කය තුළ බොහෝ කොට්ඨාසවල 2019 අප්‍රේල් මස දක්වා ලියාපදිංචි කර ඇති උප්පැන්න විවාහ හා මරණ සහතික පරිලෝකනගත කර ඇති නිසාවෙන් එකී පිටපත් අප කාර්යාලයෙන් ලබා ගත හැක.
- කොළඹ දිස්ත්‍රික්කය හැර සෙසු දිස්ත්‍රිකක්වල 1960 සිට 2014 වර්ෂය දක්වා ලියාපදංචි කර ඇති උප්පැන්න විවාහ හා මරණ සහතික පරිලෝකනගත කර ඇති නිසාවෙන් එකී පිටපත් අප කාර්යාලයෙන් ලබා ගත හැක.
36 වන පනත යටතේ අතීත මරණ ලියාපදිංචි කිරීම
රෝහල් මරණ වාර්තාව / ජීඑන් මරණ වාර්තාව / වතු මරණ වාර්තාව
- අවමංගල්‍ය කටයුතු සඳහා ලැබුණු හොඳ බිල්පත් පිළිබඳ විස්තර
- සමීප සබඳතා පිළිබඳ දිවුරුම
- ග්‍රාම නිලධාරි වාර්තාව
- ආගමික කටයුතු සිදු කළ බව සනාථ කිරීම සඳහා අදාළ ලියකියවිලි
- මරණයට අරමුදල් සම්පාදනය කළ බව සනාථ කිරීම සඳහා සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ
සහතික පිටපත් ලබාගැනිම සඳහා වැය වන මුදල් ප්‍රමාණයන්
1. උප්පැන්න සහතිකයක් ලබා ගැනීම රු.120.00
(ලියාපදිංචි අංකය සහ උපන්දිනය සියලුම විස්තර සහිත)
2. උප්පැන්න සහතිකයක් ලබා ගැනීම රු.250.00
(උපන්දිනය පමණක් සහ වසර 02ක සෙවීමක් සහිත)
3. මරණ සහතිකයක් ලබා ගැනීම රු.120.00
(ලියාපදිංචි අංකය සහ මරණය සිදුවූ දිනය සහිත සියලුම විස්තර සහිත)
4. මරණ සහතිකයක් ලබා ගැනීම රු.250.00
(මරණය සිදුවූ දිනය සහිතව වසර 02 ක සෙවීමක් සහිතව සොයා බැලීම)
5. විවාහ සහතිකයක් ලබා ගැනීම රු.120.00
(ලියාපදිංචි අංකය සහ විවාහ වූ දිනය සහිතව සියලුම විස්තර සහිත)
6. විවාහ සහතිකයක් ලබා ගැනීම රු.250.00
(විවාහ වූ දිනය හෝ වසර 02ක සෙවීමක් සහිතව සොයා බැලීම)













