අපගේ දැක්ම

යහපාලනයේ හා තිරසර සංවර්ධනයේ ප්‍රමුඛතම දිසාව.

අපගේ මෙහෙවර

නම්‍යශීලීත්වයෙන් හා විනිවිදභාවයෙන් යුත් සම්පත් කළමණාකරණය තුළින් ජනජීවිතය නගා සිටුවීමට කොට්ඨාශය මෙහෙයවීම.

තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉතිහාසය

රාජ්‍ය කටයුතු විමධ්‍යගත කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවමින් සහ වැඩිවන ජනතාවට මනා සේවයක් ලබාදීමේ අරමුණ පෙරදැරි කොට ගෙන 1999 මාර්තු 3 වන දින තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ස්ථාපිත විය. කොළඹ නගර සභා පාලන ප්‍රදේශයට අයත් වූ භූමි ප්‍රදේශය 1999 දක්වා කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් පාලනය විය. මෙම භූමි ප්‍රදේශය නැවත කොළඹ හා තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වශයෙන් කොටස් දෙකකට බෙදුනි. ග්‍රාම නිලධාරී වසම් 20 කින් සමන්විත මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වර්ග කිලෝමීටර් විසි දෙකක භූමි ප්‍රමාණයක විහිදේ. මෙම ප්‍රදේශයේ ජනගහනය 250,683 වන අතර ජන ඝනත්වය කිලෝමීටරයට 10,726 ක් පමණ වේ. මෙම ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය විවිධ ජාතීන්, ආගම්, භාෂාවන් කථා කරන සුවිශේෂ වූ ජන සංයුතියකින් සමන්විත වේ. රජයේ ජනප්‍රිය පාසැල්, ප්‍රධාන මාතෘ රෝහල්, රජයේ ප්‍රධාන අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු මෙන්ම වැදගත් ආයතන මෙම කොට්ඨාශයේ පිහිටා ඇත. ඵෙතිහාසික වටිනාකමක් ඇති කෞතුකාගාරය, කොළඹ නගර සභා ගොඩනැඟිල්ල, නිදහස් චතුරස්‍රය මෙම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් වේ. සේවා අවශ්‍යතා සඳහා දිනකට සේවා ලාභින් දහසක් පමණ මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණේ. පයන සේවා අතර උපත්, විවාහ, මරණ සහතික පත් ලබා දීම, සහතිකපත් වල සංශෝධන කටයුතු ඉටු කිරීම, විශ්‍රාම වැටුප් ගෙවීම, ජාතික හැඳුනුම්පත් සම්බන්ධ කටයුතු, ග්‍රාම නිලධාරී සහතික අනුමත කිරීම සහ වෙනත් බලපත්‍ර හා සමෘද්ධි දීමනා ලබා දීම, සමාජ සේවා අංශයෙන් වැඩිහිටි හැදුනුම්පත්, රෝගාධාර හා වෙනත් දීමනා ලබා දීම ද මේ අතර ප්‍රමුඛ ස්ථානයක් ගනී.

1991 වසරේ සිට සේවය කල ප්‍රාදේශීය ලේකම්වරුන්

නම

සිට

දක්වා

ජෝර්ජ් කුලතුංග මයා 1999.01.01 2005.12.06
එම්. බී. එම්. සෝමරත්න මයා 2005.12.06 2007.02.02
ඩබ්.එන්.ආර්. පි. විජයපාල මයා 2007.02.02 2009.02.14
ආර්. ඒ. චුලානන්ද මිය 2009.02.15 2011.04.20
ඩබ්. පී. සන්දනායක මිය 2011.04.20 2012.04.10
ගීතාමනී සී කරුණාරත්න මිය 2012.04.09 2016.02.22
ප්‍රියන්තා දිසානායක මිය 2017.03.27 2024.12.31
සුගත් සිසිර කුමාර මයා 2025.02.19 මේ දක්වා

තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ‍ය

මෙහි භූමි ප්‍රමාණය දල වශයෙන් වර්ග කිලෝ මීටර 22 (22 Km2) වන, මායිම් උතුරින් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය (කොළඹ), දකුණින් ඕලන්ද ඇළ (දෙහිවල ඇළ), නැගෙනහිරින් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය (ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ) සහ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය (කොලොන්නාව) සහ බටහිරින් මුහුදුබඩ වෙරළ තීරයද පිහිටා ඇති මෙහි මුළු ජනගහනය 236,839 (2012 - ඇස්තමේන්තුගත) පමණ වේ.

තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය ප්‍රධාන මැතිවරණ කොට්ඨාශ 03 කින් සමන්විත වන අතර මෙය නැගෙනහිර කොළඹ, බටහිර කොළඹ සහ බොරැල්ල වේ. මෙය ප්‍රධාන ග්‍රාම නිලධාරි කොට්ඨාශ 20 කට බෙදා ඇති අතර මේවා නම්, කුරුදුවත්ත, කුප්පියාවත්ත නැගෙනහිර, කුප්පියාවත්ත බටහිර, බොරැල්ල උතුර, බොරැල්ල දකුණ, වනාතමුල්ල, දෙමටගොඩ, කොල්ලුපිටිය, බම්බලපිටිය, මිලාගිරිය, හැව්ලොක්-ටවුම, වැල්ලවත්ත දකුණ, වැල්ලවත්ත උතුර, තිඹිරිගස්යාය, නාරාහේන්පිට, කිරුළ, කිරුළපන, ගෝතමිපුර, පාමංකඩ නැගෙනහිර, සහ පාමංකඩ බටහිර වේ.

සමෘද්ධි කොට්ඨාශ දෙක මෙන්ම ප්‍රධාන අධ්‍යපන කාර්යාල දෙකක්ද, බොරැල්ල සහ දකුණු කොළඹ යන සීමාවල පිහිටා ඇත. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශ 03 ක්, නැගෙනහිර කොළඹ (ප්‍රධාන කාර්යාලය- කිරුලපන), බටහිර කොළඹ (ප්‍රධාන කාර්යාලය- වැල්ලවත්ත) සහ බොරැල්ල (ප්‍රධාන කාර්යාලය- බොරැල්ල) හි පිහිටා ඇත.

තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තැපැල් කොට්ඨාශ 08 කින් සමන්විත වන අතර එය මෙලෙස බෙදා දැක්විය හැක. කොළඹ 03 - කොල්ලුපිටිය, කොළඹ 04 - බම්බලපිටිය, කොළඹ 05 - හැව්ලොක්-ටවුම, නාරාහේන්පිට, තිඹිරිගස්යාය, කොළඹ 06 - වැල්ලවත්ත, කිරුළපන, පාමංකඩ, කොළඹ 07 -කුරුදුවත්ත, කොළඹ 08 - බොරැල්ල, කොළඹ 09 - දෙමටගොඩ, කොළඹ 10 - මරදාන, පුංචි බොරැල්ල.

ප්‍රධාන මැතිවරණ කොට්ඨාශ 03

  1. නැගෙනහිර කොළඹ
  2. බටහිර කොළඹ
  3. බොරැල්ල

ප්‍රධාන ග්‍රාම නිලධාරි කොට්ඨාශ 20

kuruduwatta
කුරුදුවත්ත
kuppiyawattaeast
කුප්පියාවත්ත නැගෙනහිර
kuppiyawattawest
කුප්පියාවත්ත බටහිර
borellanorth
බොරැල්ල උතුර
borellasouth
බොරැල්ල දකුණ
wanathamulla
වනාතමුල්ල
dematagoda
දෙමටගොඩ
kollupitiya
කොල්ලුපිටිය
bambalapitiya
බම්බලපිටිය
milagiriya
මිලාගිරිය
havelocktown
හැව්ලොක්-ටවුම
wellawattesouth
වැල්ලවත්ත දකුණ
wellawattenorth
වැල්ලවත්ත උතුර
thimbirigasyaya
තිඹිරිගස්යාය
kirula
කිරුළ
kirulapone
කිරුළපන
gothamipura
ගෝතමිපුර
pamankadaeast
පාමංකඩ නැගෙනහිර
pamankadawest
පාමංකඩ බටහිර
narahenpita
නාරාහේන්පිට

පුවත් සහ සිදුවීම්

07
අගෝ2026

රජය සතු බංගලා බදු දීමට යෝජනා සඳහා ආරාධනා

රජය සතු බංගලා බදු දීමට යෝජනා සඳහා...

27
ඔක්2022
ගිනිඅවි සඳහා වන බලපත්‍ර අලුත් කිරිම - 2023

ගිනිඅවි සඳහා වන බලපත්‍ර අලුත් කිරිම - 2023

ගිනිඅවි සඳහා වන බලපත්‍ර අලුත් කිරිම - 2023  ...

Scroll To Top