අපගේ දැක්ම
යහපාලනයේ හා තිරසර සංවර්ධනයේ ප්‍රමුඛතම දිසාව.අපගේ මෙහෙවර
නම්‍යශීලීත්වයෙන් හා විනිවිදභාවයෙන් යුත් සම්පත් කළමණාකරණය තුළින් ජනජීවිතය නගා සිටුවීමට කොට්ඨාශය මෙහෙයවීම.තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉතිහාසය
1991 වසරේ සිට සේවය කල ප්‍රාදේශීය ලේකම්වරුන්
නම |
සිට |
දක්වා |
| ජෝර්ජ් කුලතුංග මයා | 1999.01.01 | 2005.12.06 |
| එම්. බී. එම්. සෝමරත්න මයා | 2005.12.06 | 2007.02.02 |
| ඩබ්.එන්.ආර්. පි. විජයපාල මයා | 2007.02.02 | 2009.02.14 |
| ආර්. ඒ. චුලානන්ද මිය | 2009.02.15 | 2011.04.20 |
| ඩබ්. පී. සන්දනායක මිය | 2011.04.20 | 2012.04.10 |
| ගීතාමනී සී කරුණාරත්න මිය | 2012.04.09 | 2016.02.22 |
| ප්‍රියන්තා දිසානායක මිය | 2017.03.27 | 2024.12.31 |
| සුගත් සිසිර කුමාර මයා | 2025.02.19 | මේ දක්වා |
තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය
මෙහි භූමි ප්‍රමාණය දල වශයෙන් වර්ග කිලෝ මීටර 22 (22 Km2) වන, මායිම් උතුරින් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය (කොළඹ), දකුණින් ඕලන්ද ඇළ (දෙහිවල ඇළ), නැගෙනහිරින් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය (ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ) සහ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය (කොලොන්නාව) සහ බටහිරින් මුහුදුබඩ වෙරළ තීරයද පිහිටා ඇති මෙහි මුළු ජනගහනය 236,839 (2012 - ඇස්තමේන්තුගත) පමණ වේ.
තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය ප්‍රධාන මැතිවරණ කොට්ඨාශ 03 කින් සමන්විත වන අතර මෙය නැගෙනහිර කොළඹ, බටහිර කොළඹ සහ බොරැල්ල වේ. මෙය ප්‍රධාන ග්‍රාම නිලධාරි කොට්ඨාශ 20 කට බෙදා ඇති අතර මේවා නම්, කුරුදුවත්ත, කුප්පියාවත්ත නැගෙනහිර, කුප්පියාවත්ත බටහිර, බොරැල්ල උතුර, බොරැල්ල දකුණ, වනාතමුල්ල, දෙමටගොඩ, කොල්ලුපිටිය, බම්බලපිටිය, මිලාගිරිය, හැව්ලොක්-ටවුම, වැල්ලවත්ත දකුණ, වැල්ලවත්ත උතුර, තිඹිරිගස්යාය, නාරාහේන්පිට, කිරුළ, කිරුළපන, ගෝතමිපුර, පාමංකඩ නැගෙනහිර, සහ පාමංකඩ බටහිර වේ.
සමෘද්ධි කොට්ඨාශ දෙක මෙන්ම ප්‍රධාන අධ්‍යපන කාර්යාල දෙකක්ද, බොරැල්ල සහ දකුණු කොළඹ යන සීමාවල පිහිටා ඇත. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශ 03 ක්, නැගෙනහිර කොළඹ (ප්‍රධාන කාර්යාලය- කිරුලපන), බටහිර කොළඹ (ප්‍රධාන කාර්යාලය- වැල්ලවත්ත) සහ බොරැල්ල (ප්‍රධාන කාර්යාලය- බොරැල්ල) හි පිහිටා ඇත.
තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තැපැල් කොට්ඨාශ 08 කින් සමන්විත වන අතර එය මෙලෙස බෙදා දැක්විය හැක. කොළඹ 03 - කොල්ලුපිටිය, කොළඹ 04 - බම්බලපිටිය, කොළඹ 05 - හැව්ලොක්-ටවුම, නාරාහේන්පිට, තිඹිරිගස්යාය, කොළඹ 06 - වැල්ලවත්ත, කිරුළපන, පාමංකඩ, කොළඹ 07 -කුරුදුවත්ත, කොළඹ 08 - බොරැල්ල, කොළඹ 09 - දෙමටගොඩ, කොළඹ 10 - මරදාන, පුංචි බොරැල්ල.
ප්‍රධාන මැතිවරණ කොට්ඨාශ 03
- නැගෙනහිර කොළඹ
- බටහිර කොළඹ
- බොරැල්ල













