අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

පුවත් සහ සිදුවීම්

07
අගෝ2026

රජය සතු බංගලා බදු දීමට යෝජනා සඳහා ආරාධනා

රජය සතු බංගලා බදු දීමට යෝජනා සඳහා...

27
ඔක්2022
ගිනිඅවි සඳහා වන බලපත්‍ර අලුත් කිරිම - 2023

ගිනිඅවි සඳහා වන බලපත්‍ර අලුත් කිරිම - 2023

ගිනිඅවි සඳහා වන බලපත්‍ර අලුත් කිරිම - 2023  ...

26
අගෝ2021
උපත්, විවාහ, මරණ සහතික දැන් මාර්ගගත ක්‍රමයට ලබා ගැනිමට

උපත්, විවාහ, මරණ සහතික දැන් මාර්ගගත ක්‍රමයට ලබා ගැනිමට

උපත්, විවාහ, මරණ සහතික දැන් මාර්ගගත ක්‍රමයට...


2021 වර්ෂයේ මාසික විශ්‍රාම වැටුප් දිනයන්

මාසය   දිනය
ජනවාරි   08වැනි සිකුරාදා
පෙබරවාරි   10වැනි අගහරුවාදා
මාර්තු   10වැනි අගහරුවාදා
අප්‍රේල්   08වැනි බ්‍රහස්පතින්දා
මැයි   10වැනි සදුදා
ජුනි   10වැනි බ්‍රහස්පතින්දා
ජූලි   09වැනි සිකුරාදා
අගෝස්තු   10වැනි අගහරුවාදා
සැප්තැම්බර්   10වැනි සිකුරාදා
ඔක්තෝම්බර්   06වැනි අගහරුවාදා
නොවැම්බර්   10වැනි අගහරුවාදා
දෙසැම්බර්   10වැනි සිකුරාදා

 

ජාතික හැඳුනුම්පත් යටතේ නිකුත් කරන සේවාවන්

  • ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම
  • ජාතික හැඳුනුම්පත් සංශෝධන කිරීම

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරිම

අරමුණු

වයස අවු 16 ඉක්මවා ඇති අයෙක් හට නීත්‍යානුකූලව ජාතික හැඳුනුම්පත ලබා දීම

අවශ්‍ය සුදුසුකම්

  • වයස අවු 16 ඉක්මවා ඇති අයෙක් වීම
  • ශ්‍රී ලංකා පුරවැසියෙක් වීම

අවශ්‍ය ලිපිලේඛන

  • අදාල ඉල්ලුම් පත්‍රය
  • උප්පැන්න සහතිකයේ හෝ අනුමාන වයස් සහතිකයේ මුල් පිටපත හා ඡායා පිටපතක්
  • විදේශකයේදී උපත ලද්දකුනම් පුරවැසි සහතිකය
  • වර්ණ ඡායාරූප 5 (1 3/8”O 7/8”)
  • ග්‍රාම නිලධාරී සහතිකය
  • ස්වාමිපුරුෂයාගේ නම ලබා ගැනීම සඳහා විවාහ සහතිකය
  • බෞද්ධ භික්ෂූන්වහන්සේ නමක් නම් සාමනේර සහතිකය හෝ උපසම්පදා සහතිකය
  • හැඳුනුම්පතට රාජකාරී තනතුරු ඇතුලත් කල යුතු නම් සේවා සහතිකයක්
  • නැතිවූ හැඳුනුම්පතක් පිළිබඳව නම් පොලිසියේ කරන ලද පැමිණිල්ලේ මුල් පිටපතක්

සංශෝධන හැඳුනුම්පතක් නම් දැනට භාවිතා කරන හැඳුනුම්පත

  • මුද්දර (අවු 16,17 රු 3.00/=, අවු 17 ට වැඩි රු 13.00/=, සංශෝධන හා නැතිවූ රු 15.00/=)
  • විධිමත් දිවුරුම් ප්‍රකාශය මුද්දර සහිත ( අවශ්‍ය වන්නේ නම්)

ආදායම් සහතික නිකුත් කිරිම

අරමුණ

ඉල්ලුම්කරුගේ ආදායම් සහතික කිරීම

අවශ්‍ය සුදුසුකම

පිළිගත හැකි ආදායම් උපයන මාර්ගයක් තිබීම

අවශ්‍ය ලිපි ලේඛන

  • ග්‍රාම නිලධාරී නිර්දේශය අනුව ඉල්ලීම් ලිපිය
  • ආදායම් සනාථ කිරීමට අදාල ලේඛන

වටිනාකම් සහතික නිකුත් කිරිම

අරමුණ

  • පුද්ගලයෙකු ඉදිරිපත් කරන නිශ්චල වත්කමක වටිනාකම සහතික කිරීම

අවශ්‍ය සුදුසුකම්

  • ඉල්ලුම්කරු සතුව නිරවුල් නිශ්චල දේපලක් අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල තිබීම

අවශ්‍ය ලිපි ලේඛන

  • වටිනාකම් සහතිකය ඉල්ලීම සම්බන්ධ ඉල්ලුම් පත්‍රය
  • වටිනාකම් සහතිකය ලබා ගැනීමට ඉදිරිපත් කරන අදාල සියළුම ලිපි ලේඛන
  • ග්‍රාම නිලධාරී නිර්දේශය සහිත වාර්තාව
  • වටිනාකම් සහතිකය ඉල්ලුම් කරන දේපල පිළිබඳ ඔප්පුව
  • පි‍‍‍‍‍්‍ඹුරු පත
  • නීතීඥවරයෙකු හෝ නොතාරිස් වරයෙතු විසින් නිකුත් කරන ඉඩමේ අයිතිය සනාථ කරන හිමිකම් වාර්තාව
  • නීතීඥවරයෙකු හෝ නොතාරිස් වරයෙතු විසින් නිකුත් කරන ඉඩමේ අයිතිය සනාථ කරන හිමිකම් වාර්තාව

තක්සේරු වාර්තා නිකුත් කිරීම

අරමුණ

  • යම් පුද්ගලයෙකු සතු නිශ්චිත දේපලක වටිනාකම් තහවුරු කිරීම

අවශ්‍ය සුදුසුකම්

  • අදාල ප්‍රාදේශීය ලේකම් තොට්ඨාශය තුල පිහිටා ඇතියම් පුද්ගලයෙකු සතුව නිරවුල් නිශ්චල දේපලක් තිබීම
  • එම දේපල සඳහා තක්සේරු වාර්තාවක් ලබා දෙන ලෙස යම් නිලධාරියෙක් සේවය කරන ආයතනය විසින් කරනු ලබන ඉල්ලීම

අවශ්‍ය ලිපි ලේඛන

  • එම දේපල සඳහා තක්සේරු වාර්තාවක් ලබා දෙන ලෙස යම් නිලධාරියෙක් සේවය කරන ආයතනය විසින් කරනු ලබන ඉල්ලීම
  • දේපල අයිතිකරුගේ එකඟතාවය දැක්වෙන ලිපිය
  • නිශ්චිල දේපල සම්බ්ධව අදාල ග්‍රාම නිලධාරී විසින් සපයනු ලබන තක්සේරු වාර්තාව
  • එම දේපල පිළිබඳ ඔප්පුව
  • නීතීඥවරයෙකු හෝ නොතාරිස් වරයෙතු විසින් නිකුත් කරන ඉඩමේ අයිතිය සනාථ කරන හිමිකම් වාර්තාව
  • පිඹුර

නීතීඥවරයෙකු හෝ නොතාරිස් වරයෙතු විසින් නිකුත් කරන ඉඩමේ අයිතිය සනාථ කරන හිමිකම් වාර්තාව

තක්සේරු වාර්තා නිකුත් කිරිම

අරමුණ

  • යම් පුද්ගලයෙකු සතු නිශ්චිත දේපලක වටිනාකම් තහවුරු කිරීම

අවශ්‍ය සුදුසුකම්

  • අදාල ප්‍රාදේශීය ලේකම් තොට්ඨාශය තුල පිහිටා ඇතියම් පුද්ගලයෙකු සතුව නිරවුල් නිශ්චල දේපලක් තිබීම
  • එම දේපල සඳහා තක්සේරු වාර්තාවක් ලබා දෙන ලෙස යම් නිලධාරියෙක් සේවය කරන ආයතනය විසින් කරනු ලබන ඉල්ලීම

අවශ්‍ය ලිපි ලේඛන

  • එම දේපල සඳහා තක්සේරු වාර්තාවක් ලබා දෙන ලෙස යම් නිලධාරියෙක් සේවය කරන ආයතනය විසින් කරනු ලබන ඉල්ලීම
  • දේපල අයිතිකරුගේ එකඟතාවය දැක්වෙන ලිපිය
  • නිශ්චිල දේපල සම්බ්ධව අදාල ග්‍රාම නිලධාරී විසින් සපයනු ලබන තක්සේරු වාර්තාව
  • එම දේපල පිළිබඳ ඔප්පුව
  • නීතීඥවරයෙකු හෝ නොතාරිස් වරයෙතු විසින් නිකුත් කරන ඉඩමේ අයිතිය සනාථ කරන හිමිකම් වාර්තාව
  • පිඹුර
  • නීතීඥවරයෙකු හෝ නොතාරිස් වරයෙතු විසින් නිකුත් කරන ඉඩමේ අයිතිය සනාථ කරන හිමිකම් වාර්තාව

තනි හා හවුල් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරිම

අරමුණ

  • ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම

සැ.යු. අප කොට්ඨාසය තුළ ව්‍යාපාර ලියාපදිංචි කිරීම සදහා ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ප්‍රධාන කාර්යාලය වෙත යා යුතුය. බස්නාහිර පළාත් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව

ලිපිනය         -        අංක 17, පැගෝඩා පාර, නුගේගොඩ.
දු.ක.       -    0112809328 / 0112809311
ෆැක්ස්     -    0112809838

අවශ්‍ය සුදුසුකම්

  • කොට්ඨාශය තුල ක්‍රියාත්මක වන නීත්‍යානුකූල ව්‍යාපාරයක් තිබීම
  • තාක්ෂණික පදනමක් අවශ්‍ය වන ව්‍යාපාරවල දී අදාල සුදුසුකම් සපුරා තිබීම

අවශ්‍ය ලිපිලේඛන

  • ඉල්ලීම් ලිපිය / නියමිත ඉල්ලුම් පත්‍රය
  • ග්‍රාම නිලධාරීගේ වාර්තාව
  • සුදුසුකම් සනාථ කරන ලියවිලි
  • සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වාර්තාව
  • පරිසර නිලධාරී වාර්තාව
  • ඖෂධවේදී සහතිකය
  • අධ්‍යාපන ආයතන සඳහා අධ්‍යාපන සුදුසුකම් සනාථ කරන ලියවිලි
  • ආරක්ෂක සේවය සඳහා පොලිස් වාර්තාව
  • ඒඒ ව්‍යාපාරික කටයුතු වල ස්වභාවය අනුව විශේෂ අවසර
  • ව්‍යාපාරික ස්ථානයේ අයිතිය තහවුරු කිරීම සඳහා ඔප්පු පිටපත් බදු ඔප්පු හෝ ස්ථානය හිමි පුද්ගලයා ග්‍රාම නිලධාරී ඉදිරියේදී කරනු ලබන අවසරය ලබා දීමේ ලිපිය

වටිනාකම් සහතික නිකුත් කිරිම

    1. නඩුවක් සදහා ඇප බැදීමකට හෝ ටෙන්ඩරයක් සදහා ඉදිරිපත් කිරීමට වටිනාකම් සහතිකයක් නිකුත් කෙරේ.
    2. ඒ සදහා තමාට අයත් ඉඩමේ ඔප්පුවේ පිටපතක් හා මෑතකදී සති දෙකක් අතුළතදී ඉඩම් රෙජිස්ට්‍රාර් වෙතින් ලබා ගත් පත්තිරුවල උධෘතයක්, ඉඩම උකසකට හෝ ඇපයකට ලක් කර නොමැති බවට දිවුරුම් ප්‍රකාශයක් සමග ග්‍රාම නිලධාරි වාර්තාවක් ලබා ගෙන ප්‍රාදේශීය ලේකම් වෙත හෝ සහකාර ප්‍රාදේශිය ලේකම් වෙත ඉදිරිපත් කර ඒ සදහා වටිනාකම් සහතිකයක් නිකුත් කිරීමට අනුමැතිය ලබා ගත යුතුය.
    3. ඉන් පසු නියමිත කොටස් මුදල අයකර  ( 1.27%) වටිනාකම් සහතිකය නිකුත් කල යුතුය (ලැබීම් ශිර්ෂය 10- 03- 90 -09) (118 වෙනි පොදු ආකෘතිය)
    4.  වටිනාකම රු 100 000/= වැඩිනම් එය ප්‍රා. ලේ. වෙත ඉදිරිපත් කල යුතුය නිල මුද්‍රාව තබා භාරගත් බවට පිටපත් අත්සන් කර ගැනීම.

දැව හෙලිම් බලපත්‍ර නිකුත් කිරිම (කොස් , දෙල් හා ගැහැණු තල් ගස්)

අරමුණ

දැව හෙලීමට නීත්‍යානුකූලව අවසර දීම

අවශ්‍ය සුදුසුකම්

චක්‍රලේඛ උපදෙස් වලට අනුකූලව හෙලීමට අවසර දිය හැකි ඉඩමක පිහිටා ඇති ගස් වීම

අවශ්‍ය ලිපිලේඛන

  • අයදුම්පත
  • ග්‍රාම නිලධාරී නිර්දේශය
  • අදාල ගස පිහිටි ඉඩමෙහි සහතික කල ඔප්පු පිටපත
  • ඉඩමේ සැලැස්ම / පිඹුර
  • අවස්ථානුකූලව අනුමත කල ගොඩනැගිලි සැලැස්ම හා වෙනත් ලියකියවිලි

දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරිම

අරමුණ

දැව නීත්‍යානුකූලව ප්‍රවාහනයට අවසර දීම

අවශ්‍ය සුදුසුකම්

නීත්‍යානුකූලව හෙලීම් කරන ලද දැව වීම

අවශ්‍ය ලිපි ලේඛන

    •  දැව ලබාගත් ඉඩමේ සහතික කරන ලද ඔප්පු පිටපත.
    • දැව මිලදි ගත්තේ නම් අදාල කුවිතාන්සිය.
    • කැපීමට බලපත්‍ර අවශ්‍ය දැව සඳහා නම් කැපුම් බල පත්‍රය.
    • දැව ලැයිස්තුව.
    • ගස් පිහිටි ස්ථානය ලකුණු කළ ඉඩමේ සැලැස්ම.
    • දැව ප්‍රවාහන අයදුම්පත් අනුමැතියට ඉදිරිපත් කිරීමේ ලේඛනයේ සටහන් කර සහකාර ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය.
    • සහකාර ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය ලද පසු අනුමැතිය සඳහා  ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය.
    • අනුමැතිය ලද පසු ප්‍රවාහන බල පත්‍ර ගාස්තුව රු 172.50ක් අය කළ යුතුය. (12%ක වැට් රු.22.50කි).
    • ප්‍රවාහනය කිරීමට නියමිත දිනට පෙර බලපත්‍රය ලියා සහකාර ප්‍රාදේශීය ලේකම් හෝ ප්‍රාදේශීය ලේකම් වෙතින් අත්සන් කර ගත යුතුය.
  • ප්‍රවාහනය කරන දිනයේදී බල පත්‍රය හා දැව ම්‍රද්‍රාව ග්‍රාම නිලධාරී වෙත නිකුත් කළ යුතුය.

දැව ව්‍යාපාර ලියාපදිංචිය සඳහා නිර්දේශ ලබාදිම

අරමුණ

නීත්‍යානුකූලව දැව ව්‍යාපාර පවත්වාගෙන යාමට පහසුකම් සැලසීම

අවශ්‍ය සුදුසුකම්

  • දැව ව්‍යාපාරයක් පවත්වාගෙන යාම ආරම්භ කිරීමට බලාපොරොත්තු අයෙකු වීම
  • 1997.11.17 දිනැති 1997/02 චක්‍රලේඛය පරිදි අදාල දුර සීමා වලට යටත් වන ස්ථානයක පිහිටීම
  • ආසන්න වසර පහක් තුල වන අපරාධ වලට සම්බන්ධ අයෙකු නොවීම

අවශ්‍ය ලිපිලේඛන

  • දිසා වන නිලධාරී විසින් නිකුත් කරන ලද අයදුම්පත සමඟ අයදුම්කරුගේ ඉල්ලීම ලිපිය
  • ඉඩමේ අයිතිය තහවුරු කෙරෙන ලිපිලේඛන
  • පාරිසරික ආරක්ෂණ බලපත්‍රය
  • ග්‍රාම නිලධාරී වාර්තාව

අරමුණ

උකස් ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා නීත්‍යෘනුකූල අවසරය ලබා දීම

අවශ්‍ය සුදුසුකම්

  • ශ්‍රී ලංකා පුරවැසියෙකු වීම
  • නීතිය හමුවේ වරදකරුවෙකු නොවී තිබීම
  • අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල ව්‍යාපාරය තිබීම

අවශ්‍ය ලිපි ලේඛන

  • නියමිත ආකෘති පත්‍රය මගින් ඉදිරිපත් කරන ඉල්ලුම් පත්‍රය
  • ස්ථානය පිළිබඳ පොලිස් වාර්තාව
  • ග්‍රාම නිලධාරී වාර්තාව
  • ව්‍යාපාරය ලියා පදිංචි කිරීමේ සහතිකය
  • ගිනි රක්ෂණ ආවරණයසොර බිය රක්ෂණ ආවරණය
  • දිවුරුම් ප්‍රකාශය
  • ව්‍යාපාරික ස්ථානයේ අයිතිය තහවුරු කරන වාර්තා

උකස් බලපත්‍ර අලුත් කිරිම

අරමුණ

උකස් බලපත්‍රය වාර්ෂිකව වලංගු කිරීම

අවශ්‍ය සුදුසුකම්

  • බලපත්‍ර සහිත උකස් ව්‍යාපාරයක් වීම
  • පෙර වර්ෂය සඳහා වලංගු බලපත්‍රයක් තිබීම

අවශ්‍ය ලිපි ලේඛන

  • ඉල්ලුම් පත්‍රය
  • ග්‍රාම නිලධාරී වාර්තාව
  • පොලිස් වාර්තාව
  • පසුගිය වර්ෂයේ ගිණුම් වාර්තාව
  • පසු ගිය වර්ෂයේ උකස් බලපත්‍රයේ පිටපත
  • ගිණිබිය රක්ෂණ ආවරණය සොර බිය රක්ෂණ ආවරණය
  • දිවුරුම් ප්‍රකාශය

සුරාසැල් නව බලපත්‍ර නිකුත් කිරිම

අරමුණ

සුරාසැලක් පවත්වාගෙන යාම සඳහා නීත්‍යානුකූල අවසරය දීම

අවශ්‍ය සුදුසුකම්

  • ඉල්ලුම්කරු බලපත්‍රය දැරීමට සුදුසු පුද්ගලයෙකු වීම
  • බලපත්‍රය නිකුත් කිරීම සම්බන්ධයෙන් මහජනයාගේ විරෝධයක් නොමැති වීම
  • ස්ථානයේ පිහිටීම අදාල කේන්දේසි වලට අනකූල වීම

අවශ්‍ය ලිපි ලේඛන

සුරාබදු කොමසාරිස් ජනරාල්ගේ අනුමත ලිපිය

සුරාසැල් බලපත්‍ර වාර්ෂිකව අළුත් කිරිම

අරමුණ

සුරාසැල පවත්වාගෙන යාම සඳහා දී ඇති නීත්‍යානුකූල අවසරය දීර්ඝ කිරීම

අවශ්‍ය සුදුසුකම්

බලපත්‍ර සහිත සුරාසැලක් පවත්වාගෙන යාම

අවශ්‍ය ලිපිලේඛන

    • සුරාබදු කොමසාරිස් ජනරාල්ගේ අනුමත ලිපිය
    • මත්පැන් බල පත්‍ර ලබා ගැනීමට පහත ලියවිලි ඉදිරිපත් කළ යුතුය.
    • සහකාර සුරාබදු කොමසාරිස්ගේ නිෂ්කාශන සහතිකය.
    • දේශීය අදායම් කොමසාරිස් වෙත බදු ගෙවූ බවට ලිපිය.
    • පළාත් ආදායම් කොමසාරිස් වෙත බදු ගෙවු බවට ලිපිය.
    • ඉහත ලියවිලි සමඟ අනුමැතිය ලබා ගැනීමට ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය.
    • අනුමැතිය ලද පසු අදාල බල පත්‍ර ගාස්තුව අය කළ යුතුය.
    • කාල සීමාව ,බලපත්‍ර ගාස්තුව හා මායිම් විස්තරය බලපත්‍රයේ සඳහන් කළ යුතුය.
    • බලපත්‍රය ප්‍රාදේශීය ලේකම් වෙත අත්සනට ඉදිරිපත් කළ යුතුය.
    • බලපත්‍ර නිකුත් කිරීමේ ලේඛනයේ ස‍ටහන් කර ප්‍රතිරුප ගිවිසුම
    • බලපත්‍රලාභියා ලවා අත්සන් කරගෙන බලපත්‍රය නිකුත් කළ යුතුය.

 

සතුන් ප්‍රවාහනය සඳහා බලපත්‍ර නිකුත් කිරිම

අරමුණ

නීත්‍යානුකූලව සතුන් ප්‍රවාහනයට අවසර දීම

අවශ්‍ය සුදුසුකම්

  • නීරෝගී සතෙකු බව තහවුරු කිරීම
  • සතාගේ හිමිකාරිත්වය තහවුරු කරන සතෙකු / සතුන් වීම
  • ගවයෙකු නම් හංවඩු ගසා තිබීම
  • ග්‍රාම නිලධාරිගේ නිර්දේශය සහිත හිමිකරුගේ කැමැත්ත දන්වන ලිපිය

අවශ්‍ය ලිපිලේඛන

  • අයදුම්කරුගේ ඉල්ලීම් ලිපිය
  • ග්‍රාම නිලධාරී නිර්දේශය
  • පශ්‍ර වෛද්‍ය වාර්තාව
  • සතාගේ හිමිකාරිත්වය තහවුරු කරන ලියවිලි
  • ප්‍රවාහනය කරන වාහනය පිළිබඳ වාර්තාව

ගාස්තු

  • ප්‍රවාහන ගාස්තු එක් ගවයෙකු වෙනුවෙන් රු.50.00 බැගින් අය කෙරේ.

Scroll To Top