අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

පුවත් සහ සිදුවීම්

07
අගෝ2026

රජය සතු බංගලා බදු දීමට යෝජනා සඳහා ආරාධනා

රජය සතු බංගලා බදු දීමට යෝජනා සඳහා...

27
ඔක්2022
ගිනිඅවි සඳහා වන බලපත්‍ර අලුත් කිරිම - 2023

ගිනිඅවි සඳහා වන බලපත්‍ර අලුත් කිරිම - 2023

ගිනිඅවි සඳහා වන බලපත්‍ර අලුත් කිරිම - 2023  ...

26
අගෝ2021
උපත්, විවාහ, මරණ සහතික දැන් මාර්ගගත ක්‍රමයට ලබා ගැනිමට

උපත්, විවාහ, මරණ සහතික දැන් මාර්ගගත ක්‍රමයට ලබා ගැනිමට

උපත්, විවාහ, මරණ සහතික දැන් මාර්ගගත ක්‍රමයට...

ප්‍රාදේශීය ලේකම්

Sisira_kumara නම සුගත් සිසිර කුමාර මයා
සුදුසුකම්
  • සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය
  • සාමාන්‍ය විද්‍යාවේදී උපාධිය (ජීව විද්‍යාත්මක විද්‍යාව)
රැකියා ඉතිහාසය
  • ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පාදුක්ක
  • ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්
  • ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කොළොන්නාව
  • ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පැල්මඩුල්ල
  • නාගරික කොමසාරිස් - මහ නගර සභාවේ, මීගමුව
  • සහකාර ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගලිගමුව
  • සහකාර ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අරණායක
  • සහකාර ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඇලහැර

සහකාර ප්‍රාදේශීය ලේකම් I

thirisha නම තිරීෂා ජේසුදාසන් මිය
සුදුසුකම්
  • රාජ්‍ය කළමනාකරණය සහ පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති
  • ශාස්ත්‍රවේදී උපාධිය
  • රාජ්‍ය පරිපාලන ඩිප්ලෝමාව (SLIDA)
රැකියා ඉතිහාසය

  • සහකාර ප්‍රාදේශිය ලේකම් - ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, තිඹිරිගස්යාය
  • සහකාර ලේකම් - ග්‍රාමිය සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය

සහකාර ප්‍රාදේශීය ලේකම් II

thanuja නම ඩී.එම්.ටී.එන්. හේරත් මහත්මිය
සුදුසුකම්
  • පශ්චාත් උපාධිය - රාජ්‍ය පරිපාලනය සහ කළමනාකරණය
  • ප්රාථමික උපාධිය - කලා අංශය (ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රධාන උපාධිය)
  • ඩිප්ලෝමාව - රාජ්ය පරිපාලනය
රැකියා ඉතිහාසය

  • සහකාර ප්‍රාදේශිය ලේකම් - ප්‍රාදේශිය ලේකම් කාර්යාලය - සියම්බලම්දුව

ගණකාධිකාරි - (ගෙවීම්)

Aththanayeka නම ඒ.එම්.එම්.ඊ. අත්තනායකා විය
සුදුසුකම්
  • ප්රාථමික උපාධිය - ව්යාපාර කළමනාකරණය (HRM විශේෂ)
රැකියා ඉතිහාසය
  • කලාප අධ්‍යාපන කාර්යාලය - මොනරාගල
  • ප්‍රාදේශීය සභාව - මොනරාගල
  

ගණකාධිකාරි - (විශ්‍රාම වැටුප්) (වැඩ බලන)

anuththara නම ඩි.එල්.ඉ අනුත්තරා මිය
සුදුසුකම්
  • ප්රාථමික උපාධිය - ආර්ථික විද්‍යාව (විශේෂ)
රැකියා ඉතිහාසය
  • -

සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)

kumari නම කුමාරි ප්‍රියදර්ශනී වික්‍රමතුංග මයා
සුදුසුකම්
  • ශාස්ත්‍රවේදී උපාධිය - කලා
රැකියා ඉතිහාසය
  • සහකාර අධ්‍යක්ෂ සැලසුම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නච්චදුව
  • සහකාර අධ්‍යක්ෂ සැලසුම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රම්බෙව
  • සහකාර අධ්‍යක්ෂ සැලසුම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මිහින්තල

පරිපාලන නිලධාරී

inoka නම ජී.කේ. ඉනෝකා උදයන්ති මිය
සුදුසුකම්
  • අ.පො.ස. උසස් පෙළ
රැකියා ඉතිහාසය
  • කළමනාකරණ සේවා නිලධාරී - රාජ්‍ය සේවා කොමිෂන් සභාව
  • වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව
  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
  • සංස්කෘතික කටයුතු අමාත්‍යංශය
  • වෘත්තීය පුහුණු අමාත්‍යංශය
  • සමුපකාර අමාත්‍යංශය
  • රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය

පරිපාලන නිලධාරී (ග්‍රාම නිලධාරි)

sunanda නම බී.එච්.කේ. සුනන්දා මිය
සුදුසුකම්
  • අ.පො.ස උසස් පෙළ
රැකියා ඉතිහාසය
  • පරිපාලන ග්‍රාම නිලධාරි - නුවරගම් පළාත, නැගෙනහිර
  • පරිපාලන ග්‍රාම නිලධාරි - තලවා
  • පරිපාලන ග්‍රාම නිලධාරි - කැබිතිගොල්ලෑව
  • ග්‍රාම නිලධාරි- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නුවරගම් පළාත, නැගෙනහිර

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් - I

ADR3 නම ජීවනි කරුණාරත්න මිය
සුදුසුකම්
  • ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය (විශේෂ)
රැකියා ඉතිහාසය
  • අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හෝමාගම
  • අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ආරච්චිකට්ටු

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් - II

ADR2 නම ඒ.ඒ.ඒස්. සංජීව මයා
සුදුසුකම්
  • පුරාවිද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය (විශේෂ), කැළණිය
රැකියා ඉතිහාසය
  • අතිරේක ඉඩම් රෙජිස්ට්‍රාර් - ඉඩම් රෙජිස්ට්‍රි, හොරණ

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් - III

waruni නම වරුණි මද්දුම කුමාරගේ මිය
සුදුසුකම්
  • විද්‍යවේදි රාජ්‍ය කළමණාකරනය (විශේෂ) උපාධිය
රැකියා ඉතිහාසය
  • අතිරේක ඉඩම් රෙජිස්ට්‍රාර් - ඉඩම් රෙජිස්ට්‍රාර්, කොළඹ
  • අතිරේක ඉඩම් රෙජිස්ට්‍රාර් - ඉඩම් රෙජිස්ට්‍රාර්, දෙල්කඳ
  • අතිරේක ඉඩම් රෙජිස්ට්‍රාර් - ඉඩම් රෙජිස්ට්‍රාර්, මතුගම

කාඩ්පත් විස්තර පහත පරිදි 2025 අගෝස්තු

කාඩ්පත් විස්තර පහත පරිදි 2025 අගෝස්තු:

තනතුර අනුමත කර ඇත වත්මන් පුරප්පාඩුව
ස්ථිර අනියම් ස්ථිර අනියම්
සමූහය B          
ප්‍රාදේශීය ලේකම් 01 - 01 - 00
සහකාර ප්‍රාදේශීය ලේකම් 02 - 02 - 00
සහකාර අධ්‍යක්ෂ / නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) 01 - 01 - 00
ගණකාධිකාරී 02 - 01 - 01
පරිපාලන නිලධාරී 01 - 01 - 00
ග්‍රාම නිලධාරි (පරිපාලක) 01 - 01 - 00
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් 03 - 03 - 00
සමූහය C          
සංවර්ධන සම්බන්ධීකාරක 01 - 00 - 01
සංවර්ධන ක්ෂේත්‍ර සහකාර 01 - 01 - 00
තාක්ෂණික නිලධාරී (සිවිල්) 02 - 02 - 00
කාර්මික සහකාර 01 - 01 - 00
කළමනාකරණ සහකාර 48 - 26 - 22
පරිවර්තක ii/iii 01 - 00 - 01
තාක්ෂණ හා සන්නිවේදන සහකාර 01 - 01 - 00
සංවර්ධන නිලධාරී 15 - 12 - 03
සංවර්ධන නිලධාරී (සංවර්ධන) 28 - 20 - 08
ග්රාම නිලධාරී 20 - 19 - 01
සමූහය D          
රියදුරු 02 - 02 - 00
කේ.කේ.එස් 12 - 10 - 02
මුළු 140    101     39 

අපගේ දැක්ම

යහපාලනයේ හා තිරසර සංවර්ධනයේ ප්‍රමුඛතම දිසාව.

අපගේ මෙහෙවර

නම්‍යශීලීත්වයෙන් හා විනිවිදභාවයෙන් යුත් සම්පත් කළමණාකරණය තුළින් ජනජීවිතය නගා සිටුවීමට කොට්ඨාශය මෙහෙයවීම.

තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉතිහාසය

රාජ්‍ය කටයුතු විමධ්‍යගත කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවමින් සහ වැඩිවන ජනතාවට මනා සේවයක් ලබාදීමේ අරමුණ පෙරදැරි කොට ගෙන 1999 මාර්තු 3 වන දින තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ස්ථාපිත විය. කොළඹ නගර සභා පාලන ප්‍රදේශයට අයත් වූ භූමි ප්‍රදේශය 1999 දක්වා කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් පාලනය විය. මෙම භූමි ප්‍රදේශය නැවත කොළඹ හා තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වශයෙන් කොටස් දෙකකට බෙදුනි. ග්‍රාම නිලධාරී වසම් 20 කින් සමන්විත මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වර්ග කිලෝමීටර් විසි දෙකක භූමි ප්‍රමාණයක විහිදේ. මෙම ප්‍රදේශයේ ජනගහනය 250,683 වන අතර ජන ඝනත්වය කිලෝමීටරයට 10,726 ක් පමණ වේ. මෙම ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය විවිධ ජාතීන්, ආගම්, භාෂාවන් කථා කරන සුවිශේෂ වූ ජන සංයුතියකින් සමන්විත වේ. රජයේ ජනප්‍රිය පාසැල්, ප්‍රධාන මාතෘ රෝහල්, රජයේ ප්‍රධාන අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු මෙන්ම වැදගත් ආයතන මෙම කොට්ඨාශයේ පිහිටා ඇත. ඵෙතිහාසික වටිනාකමක් ඇති කෞතුකාගාරය, කොළඹ නගර සභා ගොඩනැඟිල්ල, නිදහස් චතුරස්‍රය මෙම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් වේ. සේවා අවශ්‍යතා සඳහා දිනකට සේවා ලාභින් දහසක් පමණ මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණේ. පයන සේවා අතර උපත්, විවාහ, මරණ සහතික පත් ලබා දීම, සහතිකපත් වල සංශෝධන කටයුතු ඉටු කිරීම, විශ්‍රාම වැටුප් ගෙවීම, ජාතික හැඳුනුම්පත් සම්බන්ධ කටයුතු, ග්‍රාම නිලධාරී සහතික අනුමත කිරීම සහ වෙනත් බලපත්‍ර හා සමෘද්ධි දීමනා ලබා දීම, සමාජ සේවා අංශයෙන් වැඩිහිටි හැදුනුම්පත්, රෝගාධාර හා වෙනත් දීමනා ලබා දීම ද මේ අතර ප්‍රමුඛ ස්ථානයක් ගනී.

1991 වසරේ සිට සේවය කල ප්‍රාදේශීය ලේකම්වරුන්

නම

සිට

දක්වා

ජෝර්ජ් කුලතුංග මයා 1999.01.01 2005.12.06
එම්. බී. එම්. සෝමරත්න මයා 2005.12.06 2007.02.02
ඩබ්.එන්.ආර්. පි. විජයපාල මයා 2007.02.02 2009.02.14
ආර්. ඒ. චුලානන්ද මිය 2009.02.15 2011.04.20
ඩබ්. පී. සන්දනායක මිය 2011.04.20 2012.04.10
ගීතාමනී සී කරුණාරත්න මිය 2012.04.09 2016.02.22
ප්‍රියන්තා දිසානායක මිය 2017.03.27 2024.12.31
සුගත් සිසිර කුමාර මයා 2025.02.19 මේ දක්වා

තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ‍ය

මෙහි භූමි ප්‍රමාණය දල වශයෙන් වර්ග කිලෝ මීටර 22 (22 Km2) වන, මායිම් උතුරින් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය (කොළඹ), දකුණින් ඕලන්ද ඇළ (දෙහිවල ඇළ), නැගෙනහිරින් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය (ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ) සහ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය (කොලොන්නාව) සහ බටහිරින් මුහුදුබඩ වෙරළ තීරයද පිහිටා ඇති මෙහි මුළු ජනගහනය 236,839 (2012 - ඇස්තමේන්තුගත) පමණ වේ.

තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය ප්‍රධාන මැතිවරණ කොට්ඨාශ 03 කින් සමන්විත වන අතර මෙය නැගෙනහිර කොළඹ, බටහිර කොළඹ සහ බොරැල්ල වේ. මෙය ප්‍රධාන ග්‍රාම නිලධාරි කොට්ඨාශ 20 කට බෙදා ඇති අතර මේවා නම්, කුරුදුවත්ත, කුප්පියාවත්ත නැගෙනහිර, කුප්පියාවත්ත බටහිර, බොරැල්ල උතුර, බොරැල්ල දකුණ, වනාතමුල්ල, දෙමටගොඩ, කොල්ලුපිටිය, බම්බලපිටිය, මිලාගිරිය, හැව්ලොක්-ටවුම, වැල්ලවත්ත දකුණ, වැල්ලවත්ත උතුර, තිඹිරිගස්යාය, නාරාහේන්පිට, කිරුළ, කිරුළපන, ගෝතමිපුර, පාමංකඩ නැගෙනහිර, සහ පාමංකඩ බටහිර වේ.

සමෘද්ධි කොට්ඨාශ දෙක මෙන්ම ප්‍රධාන අධ්‍යපන කාර්යාල දෙකක්ද, බොරැල්ල සහ දකුණු කොළඹ යන සීමාවල පිහිටා ඇත. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශ 03 ක්, නැගෙනහිර කොළඹ (ප්‍රධාන කාර්යාලය- කිරුලපන), බටහිර කොළඹ (ප්‍රධාන කාර්යාලය- වැල්ලවත්ත) සහ බොරැල්ල (ප්‍රධාන කාර්යාලය- බොරැල්ල) හි පිහිටා ඇත.

තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තැපැල් කොට්ඨාශ 08 කින් සමන්විත වන අතර එය මෙලෙස බෙදා දැක්විය හැක. කොළඹ 03 - කොල්ලුපිටිය, කොළඹ 04 - බම්බලපිටිය, කොළඹ 05 - හැව්ලොක්-ටවුම, නාරාහේන්පිට, තිඹිරිගස්යාය, කොළඹ 06 - වැල්ලවත්ත, කිරුළපන, පාමංකඩ, කොළඹ 07 -කුරුදුවත්ත, කොළඹ 08 - බොරැල්ල, කොළඹ 09 - දෙමටගොඩ, කොළඹ 10 - මරදාන, පුංචි බොරැල්ල.

ප්‍රධාන මැතිවරණ කොට්ඨාශ 03

  1. නැගෙනහිර කොළඹ
  2. බටහිර කොළඹ
  3. බොරැල්ල

ප්‍රධාන ග්‍රාම නිලධාරි කොට්ඨාශ 20

kuruduwatta
කුරුදුවත්ත
kuppiyawattaeast
කුප්පියාවත්ත නැගෙනහිර
kuppiyawattawest
කුප්පියාවත්ත බටහිර
borellanorth
බොරැල්ල උතුර
borellasouth
බොරැල්ල දකුණ
wanathamulla
වනාතමුල්ල
dematagoda
දෙමටගොඩ
kollupitiya
කොල්ලුපිටිය
bambalapitiya
බම්බලපිටිය
milagiriya
මිලාගිරිය
havelocktown
හැව්ලොක්-ටවුම
wellawattesouth
වැල්ලවත්ත දකුණ
wellawattenorth
වැල්ලවත්ත උතුර
thimbirigasyaya
තිඹිරිගස්යාය
kirula
කිරුළ
kirulapone
කිරුළපන
gothamipura
ගෝතමිපුර
pamankadaeast
පාමංකඩ නැගෙනහිර
pamankadawest
පාමංකඩ බටහිර
narahenpita
නාරාහේන්පිට
Scroll To Top